Derivative Actions in Law - Page One

HILTON HOTEL CONSTRUCTION FRAUD ON THE GOVERNMENT OF SRI LANKA

  • District Court of Colombo Case No. 3155/Spl.
  • Court of Appeal Leaves to Appeal Cases Nos. 206 & 208/1991.
  • Supreme Court Special Leave to Appeal Cases Nos. 18 & 19/1992 and 33 & 34/1992
  • District Court of Colombo Case No. 3231/Spl.
  • District Court of Colombo Case No. 19849/MR.
  • Court of Appeal Revision Application No. 775/1998.
  • Court of Appeal Application No. CALA 192/1998.
  • Court of Appeal Leave to Appeal Application No. 254/2000.
  • Supreme Court Special Leave to Appeal Application No. 33/2001.
  • District Court of Colombo Case No. 21819/MR.
  • Court of Appeal Application No. CALA 255/2000.
  • Supreme Court Special Leave to Appeal Application No. 32/2001.
  • District Court of Colombo Case No. 15322/MR.
  • Dr. Rajitha Senaratne’s Statement made to the Parliament.
  • Special Presidential Commission Inquiry – Stalled!
  • Criminal Investigation – Scuttled!
  • Hotel Developers (Lanka) Ltd. (HDL) Winding-up Application – D.C. Colombo Case No. 217/CO
  • HC (Civil) WP Case No. 52/2011/CO to re-structure Hotel Developers (Lanka) Ltd. in terms of Part X of Companies Act No. 7 of 2007
  • Vexatious Litigations.
  • Comprehensive Statement of Objections.

District Court of Colombo Case No. 3155/Spl. (Nihal Sri Ameresekere Vs. Mitsui & Co. Ltd. & Others)

නිහාල් ශ්‍රී අමරසේකර හිල්ටන් හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන චරිතයක් විය. එහි අයිතිකාර සමාගම වූ Hotel Developers (Lanka) Ltd., (HDL) සමාගමේ අධ්‍යක්ෂ ධුරය දැරූ ඔහු, හිල්ටන් හෝටලය තැනීමේදී ජපානයේ මිට්සුයි සහ තායිසේ සමාගම් දෙක හෝටල් ගොඩනැගිල්ල රජයට පිළිඹිබු කර පෙන්වු ආකාරයට නොවල වංචනිකව අඩු පාඩුකම් රාශියක් සහිතව එය ගොඩ නගා තිබු බව සහල ඒ මත රජයේ ඇපකර මත වංචනික ලෙස විශාල මුදල් සම්භාරයක් ලබා ගන්නට උත්සාහ කර ඇති බව නිහාල් ශ්‍රී අමරසේකර මැනවින් හෙළිදරව් කර සිටියේ වී නමුත්ල එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම් සහ නිලධාරින් නීතිපතිද ඇතුඵව ඒ ගැන කිසිදු තැකීිමකින් තොරව නිසි ක්‍රියා මාර්ගයක් නොගන්නා ලදී.

එම පසුබිම මත Hotel Developers (Lanka) Ltd., (HDL) සමාගමේ කොටස්කරුවෙකු වශයෙන් නිහාල් ශ්‍රී අමරසේකර විසින්, ලංකා නීති ක්ෂේත්‍රයේ  පුර්වාදර්ශයක්  ලෙස පවතින ලෙසින් කොළඹ දිසා අධිකරණයේ ප්‍රථම වරට ව්‍යුත්පන්න නඩුවක් 1990.9.13 දින ගොනු ගත කරන ලදී.

ඒ අනුව, බැලූ බැල්මට වංචාවක් එළිදරව් වී ඇති පදනම මත, කොළඹ දිසා අධිකරණය විසින් 1990.9.18 දින ප්‍රථම අවස්ථාවේදි මිට්සුයි සහ තයිසේ ජපන් සමාගම් දෙකට හිල්ටන් හෝටල් සමාගම විසින් හෝ රජයේ ඇපකර මත කිසිම ගෙවීමක් සිදු නොකළ යුතු ලෙසට වාරණ නියෝග නිකුත් කරන ලදී.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉතාමත්ම පහත් මටිටමක තිබීම හේතුවෙන්ල මේ තත්වය තුල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය සියල්ලම අඩාල තත්වයකට පත්වීමට තුඩු දුනි.

එම වාරණ නියෝග නිකුත් කර තිබියදිත්, ඒවා නොසලකා සහ නිහාල් ශ්‍රී අමරසේකරගේ දැඩි විරෝධතාවයන් නොතකාල ඉහතකී වංචාව යටපත් කිරීමේ අභිලාශයෙන් හිල්ටන් හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ විගණකවරුන් වන Fords, Rhodes, Thornton සහ සමාගම විසින් විගණනය කළ ගිණුම් වාර්තාවක් සම්මතකර ගැනීමට උත්සාහ දැරූ අතර, නිහාල් ශ්‍රී අමරසේකර එම ගිණුම් වාර්තාව අභියෝගයකට ලක් කරමින්, කොළඹ දිසා අධිකරණයේ වැඩිදුර අංක 3231/විශේෂ ව්‍යුත්පන්න නඩුව 1991.1.11 දින ගොනු කරන ලදුව, කොළඹ දිසා අධිකරණය විසින් ක්ෂණිකවම එම ගිණුම් වාර්තාව සම්මත කර ගැනීම් අත්හිටුවන ලදී.

ඉන් පසුව නිහාල් ශ්‍රී අමරසේකරගේ පළමුවන ව්‍යුත්පන්න නඩුවේ අතුරු ඉන්ජන්ෂන් තහනම් නිකුත් කිරිම පිළිබදව විමසීමක් පවත්වනු ලැබු අතර, එම විමසීමෙන් අනතුරුවල කොළඹ දිසා අධිකරණය විසින් පහත දැක්වෙන නිරික්ෂණයන් සටහන් කරමින් 1991.10.28 දින, ගොනු ගත කරන ලද 1991.9.9 දිනැති ඉතාමත් බරපතල නඩු තීන්දුවක් ප්‍රකාශයට පමුණුවන ලද අතර, මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් වලට, කිසිම ගෙවීමක් සිදුකිරිම වලක්වාලමින් අතුරු ඉන්ජන්ෂන් නියෝග පනවන ලදී, එහි අඩංගු ප්‍රධාන නිරික්ෂණයන් වුයේ

  • කොන්ත්‍රාත්කරුවන් විසින් අඩු වැඩ ප්‍රමාණයක් සිදුකර, වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට වෑයම් කර ඇත ……… මුදල් ගෙවීමේ පදනමට අදාළ වන ප්‍රශ්න පැමිණිලිකරු විසින් නගනු ලැබ ………
  • අනිකුත් විත්තිකරුවන් (එනම් අධ්‍යක්ෂවරුන්) එකී හෝටල් ව්‍යාපාරය සමග සම්බන්ධතා ඇති තැනැත්තන් වශයෙන්, ඒ කාරණයේදි මැදිහත් වී මුදල ලබා ගැනිීමට කි්‍රයා කර ඇති අතර, නිවැරදි පරීක්ෂණයක් වහාම සිදුකිරීමට කටයුතු කර නැත.
  • ඔවුන් විසින්, එවැනි නිවැරදි පරීක්ෂණයක් සිදුකිරීම වළක්වා, කවරාකාරයෙන් හෝ මුදල් ගෙවීමට උත්සාහ ගෙන ඇත.
  • ගිවිසුම් වලට ……… සම්බන්ධ වැඩ පිළිබද කාරණා වලට අදාල ප්‍රශ්න මතු කිරීම වළක්වාලීිම පිණිස, ඔවුහු සමාගම සමග එකතු වී සමාජයෙහි ඔවුන් දරණ තත්වය ප්‍රයෝජනයට ගනිමින්, බලපෑම් කරමින් සිටිතිත සංස්ථා ප්‍රකාශය ………
  • එකී තැනැත්තන්ගේ අපසහායකත්වය සමාගාමේ කොටස්කරුවන්ගේ යහපතට අහිතකර වේග ඒ අපසහායකත්වය මාර්ගයෙන් ඔවුහු සමාගමේ කොටස්කරුවන්ගේ අයිතිවාසිකම් පරාජය කිරීමට තුඩු දෙන ආකාරයට ක්‍රියා කරමින් සිටිති.
  • එවකට සිටි උගත් දිසා විනිසුරු පි. විජයරත්න මැතිතුමා සිය ආඥාවෙහි වෙනත් දේ අතර, තවදුරටත් මෙසේ නිරික්ෂණය කර සිටින්නේය : –

“ඒ අනුව වත්මන් තත්වය නම්ල විත්තිකරුවන් විසින් කොන්ත්‍රාත්තුවල ඔවුන්ගේ කොටස් ඉටුකර ඇති බවටත්ල ඒවා භාර ගැනීමට සමාගම කැමැත්ත දක්වා ඇති බවටත්ල විත්තිකරුවන් විසින් කරන ලද ප්‍රකාශ, ගෙවීම් කිරීම සදහා පදනම වශයෙන් පිළිගැනීමට නොහැකි වීමය.  ……… ඇත්ත වශයෙන්ම, පැමිණිලිකරු (එසේ සදහන් කර ඇත්තේ 4 වන විත්තිකරුය) විසින් සදහන් කර ඇති පරිදි, මෙය විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටින් වෙන අතකට හැරවීමේ වක්‍ර ක්‍රමයක් ද ? ………  මෙයින් පෙන්නුම් කරන වැදගත්කම නම්ල සාමාන්‍යයෙන් මුදල් ගෙවීමට ඇති සමාගම විසින්ල ඒ තත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න නැගීිමේ හැකියාව සහ අනිත් පාර්ශවකරුවන්ට හිතුවක්කාර ලෙස ක්‍රියා කිරිමට ඉඩ නොදිමයි, මේ බව පැහැදිලි වන තත්වය නිවැරදි නම්, මෙය වු කලි, සත්‍ය වශයෙන්ම වංචනික අපසහායකත්වයෙන් යුතුව ක්‍රියා කරන ලද අවස්ථාවකි.”

දිසා අධිකරණයේ ඉහතකී නියෝගයට එරෙහිව, මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් අභියාචනා කිරීමට අවසරය පතමින්, අභියාචනාධිකරණයට කළ ඉල්ලීමට 1992.1.31 දින අවසරය දුන් අතරල නිහාල් ශ්‍රී අමරසේකර විසින් එයට විරුද්ධව අභියාචනා කිරීමට විශේෂ අවසරය පතමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය 1992.5.27 දින එයට අවසරය දෙමින්, ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. එන්. චොක්සි සහ නීතිපතිට මෙම නඩුව සඳහා පෙනී සිටීමට අවසරයක් නැති බවට නිගමනය කරමින්, ඔවුන්ට තරවටුකර සිටින ලදී.

ආනුෂාංගිකව ලිඛිත දේශන සහ වාචික දේශන මත, අභියාචනය පිළිබදව විමසීමකින් අනතුරුවල නිහාල්  අමරසේකරට බැලූ බැල්මට නියත ලෙසින්ම සාර්ථක ලෙස ජය ගත හැකි නඩු නිමිත්තක් ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරමින්ල දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝග සනාථ කරමින්, මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් වෙත කිසිම ගෙවීමක් නොකළ යුතු බවටත්, මෙය රටින් විදේශ විනිමය මහා පරිමානයක් වංක ලෙස බැහැර කිරීමට ගත් උත්සාහයක් බවටත් නිගමනය කරමින්,  පහත දැක්වෙන නිරීක්ෂණයන්ද කරමින්, පොදු රාජ්‍යය මණ්ඩලයේ නීති වාර්තා වල පවා වාර්තා කරනු ලැබු නීති ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන සළකුණක් පිහිටු වන ලද, සුවිශේෂි නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 1992.12.2 දින ප්‍රකාශයට පත් කරන ලදී.

  • පැමිණිලිකරුට (යොමු කිරීම 4 වන විත්තිකරුටය) නිතියෙන් බලාත්මක කල හැකි අයිතිවාසිකමක් ඇති බව සහ බරපතල ප්‍රශ්නයක් සහ වැරදි කරන්නන්ගේ පාලනයක්, වංචාව පිළිබද බැලූ බැල්මට පෙනෙන නඩුවක් ඇති බවත්, තවද හිමිකම්පා ඇති සහන වලට HDL සමාගමට හිමිකම් ඇති බවත්, තහවුරු කිරීමට පැමිණිලිකරු සමත් වී ඇත.
  • විත්තිකරුවන්ගේ උත්තරවාද විරෝධතා සහ කරුණු ඉදිරිපත්කිරිම් වලදී මතු කරන ලද විත්තිවාචක ඉදිරියේ පවා පැමිණිලිකරුට (යොමු කිරිම 4 වන විත්තිකරුටය) සාධාරණ සහ නිත්‍ය ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තුවක් ඇත.
  • පැමිණිලිකරුගේ (යොමු කිරීම 4 වන විත්තිකරුටය) ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තුව නියම බලාපොරොත්තුවක් වන අතර, එය මතිමාත්‍රයක් පමණක් නොවේ, ඔහුට තර්ක කළ හැකි නඩුවකට වඩා වැඩි දෙයක් ඇත.
  • නඩුවේ අවස්ථාගත කරුණු හේතුවෙන්, අධ්‍යක්ෂ මණ්ඩලයේ රජයේ නියෝජිතයන් ඇතුලූව අධ්‍යක්ෂවරුන් විසින් උපකාර නොකරනු ඇත, එසේ නැතහොත් මෙහිදී මැදිහත් වීමට නොහැකිව, ඔවුහු අසරණ තත්වයක සිටිති.
  • HDL සමාගමේ මුදල් වෙනතකට හරවා ගැනීම සහ මෙරට මුදල් වෙනතකට හරවා ගැනීම වැලැක්වීමට අතුරු ඉන්ජන්ෂන් තහනම් ප්‍රද්‍රානය කර ඇත.
  • අතුරු ඉන්ජන්ෂන් තහනම් නිසා නොවේ නම්, HDL සමාගමට අප්‍රලියා හි ඇස්කියුලම් යුද්ධයෙන් පසු පයිරස්ට මෙන් “මෙවැනි තව එක් ජයග්‍රහණයක් ලැබුණොත් අපගේ අවසානය එයයි” යනුවෙන් කියන්නට සිදුවන්නට තිබුණ.
  • එය සම්පුර්ණයෙන්ම රජය කෙරෙහි නොසැලකිලිමත්භාවය පිළිබද කාරණයක් වන්නට තිබුනේ යැයි පෙන්වා දිය හැකිය ……… රජයට අවසානයේදී HDL සමාගම විසින් ණයට ගත් මුදල් ආපසු ගෙවීමේ වගකීම භාර ගැනීමට සිදු කරන ලදී.

ඉන් අනතුරුව නිහාල් ශ්‍රී අමරසේකර කොළඹ දිසා අධිකරණය මගින් 1992.3.6 දින, මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් සහ HDL සමාගම වෙත විචාරණ නිකුත් කරන ලද අතර, එම විචාරණවලට මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් පිළිතුරු දීමට අසමත් වීමෙන්, දිසා අධිකරණය විසින් ඔවුන් වෙත සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ, 1993.1.20 දින නියෝගයක් කරමින් එම විචාරණවලට උත්තර දිය යුතු බව තීන්දු කිරීමෙන්, නිහාල් ශ්‍රී අමරසේකරගේ ස්ථාවරය තව තවත් දැඩි ලෙස ශක්තිමත් කළේය.

එම නියෝගයට එරෙහිව මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම් විරෝධතා ඉදිරිපත් කර සිටීමෙන්, ඒ පිළිබදව විමසීමක් පැවැත්වීමට දිසා අධිකරණය විසින් නිගමනයක් කරන ලද්දේ වී නමුත්, ඒ අතරතුර සමථයකට එළඹීමේ හැකියාවක් ඇති බවට දන්වා සිටීමෙන්, එකීි සමථය හේතුකොට ගෙන එම විමසිීම පැවැත්වුයේ නැත.

මේ පසුබිම මත මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම්ල රජයට රාජ්‍ය මට්ටමෙන් කළ බලපැම් මත, රජය නිහාල් ශ්‍රී අමරසේකරගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ, නඩු දෙක සමථයකට පත් කොට ඉල්ලා අස්කර ගන්නා ලෙසටය, ඒ අනුව නීතිපති විසින් සකස් කළ සමථ ගිවිසුම් අත්සන් කරන ලද්දේ නිහාල් ශ්‍රී අමරසේකරගේ දැඩි ස්ථාවරයකට සහ පෙළඹවීමකට අනුව, මිට්සුයි සහ තායිසේ ජපන් සමාගම්ල ජපන් යෙන් මිලියන 17,586 ක්, ඇමරිකන් ඩොලර් මිලියන 207 ක්, ශ්‍රී ලංකා මුදලින් මිලියන 10,200 ක්, 1995 ජූනි මස ඔවුන්ගේ ව්‍යාජ, වංචනික ඉල්ලිම් වලින් කපා හැරීමකින් සහ, ඉතිරි කොටස් තවත් අවුරුදු 15 අතර, අඩු පොලියකට ගෙවීමට එකඟ වීමෙනි.

සමථ ගිවිසුම්වල, වෙනත් අය අතර, එවකට අධිකරණ ඇමති ජී. එල්. පීරිස්, එවකට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වශයෙන්, ඔහුට එරෙහිව පියවර ගැනීමට නීතිපතිතුමා කොන්දේසියක් ඇතුලත් කර තිබුණු හෙයින්, වංචනික ලෙස සහ ද්වේශයෙන් සහ වෛරයෙන් යුතුව එම සමථ ගිවිසුම මහත් ආන්දෝලනයකට ලක් කරමින්, එම කොන්දේසිය ඉවත්කර ගත්තේය.

ඒ සමගම විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතරල මේ වංචාවේ සාපරාධිත්වය නියත ලෙසින්ම එළිදරව් වීමෙන්, ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. එන්. චොක්සි, එවකට මහා භණ්ඩාගාරයේ ලේකම් R. පාස්කරලිංගම් සහ තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට, රජයට වංචා කළ පදනම මත, චෝදනා පත්‍ර ඉදිරිපත් කරන ලදුව, එයටද ජී. එල්. පීරිස් ඇමතිතුමාගේ මැදිහත් වූ අතර, එම විශේෂ ජනාධිපති කොමිසම දිගටම පවත්වා ගෙනයාම අත්හිටුවන ලදුව, ඉන්පසුව මෙම වංචාව සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් විමර්ශන අරම්භ කරන ලද්දේ වී නමුත්, සමාජයීය සහ දේශපාලනමය බලපැම් මත, නිතිපතිතුමා විසින් එම විමර්ශන සිදුකිරීම යටපත් කරන ලදී.

රජයේ ඇපකර මත හෝටලය ඉදිකිරීමේදී විදේශ ජපන් සමාගම් වන මිට්සූයි සහ තායිසේ වංචනිකව හිල්ටන් හෝටලය ඉදිකරමින්, ඉතාමත් රහසිගතව හා කුට අන්දමින් විදේශ විනිමය මහා පරිමානයක් මෙරටින් බැහැර කිරීමේ ප්‍රයත්නයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ අංක 3155/විශේෂ ප්‍රධාන නඩුව.

කොළඹ දිසා අධිකරණ නඩු අංක 3155 / විශේෂ (නිහාල් ශ්‍රී අමරසේකර හා මිට්ෂුයි සහ සමාගම)

  • 1990.9.13 දිනැති පැමිණිල්ල  වැඩිදුර කියවීම »
  • 1990.9.18 දින අධිකරණය විසින් වාරණ නියෝග සහ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් දැන්විම් නිකුත් කිරිමේ නියෝග  වැඩිදුර කියවීම »
  • 1990.9.20 දින නිකුත් කළ වාරණ නියෝග  වැඩිදුර කියවීම »
  • 1990.9.20 නිකුත් කළ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් පිළිබද දැන්විම වැඩිදුර කියවීම »
  • 1991.1.28  පැමිණිලිකරුගේ ලිඛිත දේශන (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1991.5.31 දින පැම්ණිලිකරු ඉදිරිපත් කල වැඩිදුර උත්තරවාද  වැඩිදුර කියවීම »
  • 1991.9.9 දින අධිකරණය විසින් අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නිකුත් කරන ලෙසට නියම කරමින් කල නියෝගය  වැඩිදුර කියවීම »
  • 1991.10.28 දින ජපන් සමාගම්වලට මොනයම් හෝ ගෙවිමක් කිරිම වලක්වාලමින් අධිකරණය විසින් නිකුත් කළ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම්  වැඩිදුර කියවීම »
  • 1992.3.6 දින පැම්ණිලිකරු සිවිල් නඩු විධාන සංග්‍රහයේ (95 වගන්තිය සමග කියැවෙන) 94 වගන්තිය යටතේ 1, 2, 3 සහ 4 විත්තිකරුවන් විසින් උත්තරදිම සදහා ඔවුන්ට “X”, “Y”, “Z” ලෙස ලකුණු කළ විචාරණ භාර කරන ලෙසට කළ ඉල්ලිම වැඩිදුර කියවීම »
  • “X” –            1 සහ 2 විත්තිකරුවන්ට නිතුත් කළ විචාරණ  වැඩිදුර කියවීම»
  • “Y” –            3 විත්තිකරුට නිතුත් කළ විචාරණ  වැඩිදුර කියවීම»
  • “Z” –            4 විත්තිකරුවට නිතුත් කළ විචාරණ  වැඩිදුර කියවීම »
  • 1992.3.10 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය යටතේ ලියවිලි ඉදිරිපත් කිරිම සදහා 1, 2, 3 සහ 4 විත්තිකරුවන්ට නියෝග කරන ලෙසට පැම්ණිලිකරු කළ ඉල්ලිම  වැඩිදුර කියවීම»
  • 1992.3.12 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102 (1) වගන්තිය යටතේ 1, 2, 3 සහ 4 විත්තිකරුවන් සංතකයේ ඇති  ලියවිලි ප්‍රකාශ කරන ලෙසට නොතිසි නිකුත් කරනමෙන් පැම්ණිලිකරු කළ ඉල්ලිම  වැඩිදුර කියවීම»
  • 1992.10.14 දින අධිකරණය විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ (95 වගන්තිය සමග කියැවෙන) 94 වගන්තිය යටතේ විචාරණ භාරකරවිමටල සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102 (1) සහ 104 වගන්තින් යටතේ නොතිසි නිකුත් කරිම සදහා කළ ඉල්ලිම් වලට ඉඩ දෙමින් කල නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)වැඩිදුර කියවීම»
  • 1993.1.20 දින 1, 2, 3 සහ 4 විත්තිකරුවන් විසින් විචාරණ වලට උත්තර නොදිෙමි හෙතුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ පැම්ණිලිකරු කළ ඉල්ලිම  වැඩිදුර කියවීම»
  • 1993.1.22 දින ඉහතකි සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ පැම්ණිලිකරු කළ ඉල්ලිමට ඉඩදිම  වැඩිදුර කියවීම »

2.Court of Appeal Leave to Appeal Cases Nos. 206 & 208/1991

ඉහත නඩුවට අදාල අභියාචනාධිකරණයේ අංක 206 සහ 208 / 1991 දරන නඩු

1991.11.10 දින ඉහත නඩුවේ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නිකුත් කිරිමට එරෙහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය පතමින් 1 සහ 2 විත්තිකරුවන් අභියාචනාධිකරණයට කළ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »

1992.1.17 දින ඉහත නඩුවේ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නිකුත් කිරිමට එරෙහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය පතමින් 1 සහ 2 විත්තිකරුවන් අභියාචනාධිකරණයට කළ ඉල්ලිම සදහා, වෙනත් දේ අතර, 4 වන විත්තිකරු පාර්ශවකරුවෙකු වශයෙන් සහභාගිවිමට ඉඩ දෙමින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »

1992.1.31 දින ඉහත නඩුවේ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නිකුත් කිරිමට එරෙහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය 1 සහ 2 විත්තිකරුවන්ට දෙමින් අභියාචනාධිකරණය කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »

3.Supreme Court Special Leave to Appeal Cases Nos. 18 & 19/1992 and 33 & 34/1992

THESE EPIC SUPREME COURT WRITTEN SUBMISSIONS WERE FORMULATED BY NIHAL SRI AMERESEKERE, ASSISTED BY K. SOMAPALA, A PARA-LEGAL, UNDER THE SUPERVISION OF M. RADHAKRISHNAN, ATTORNEY-AT-LAW AND K. KANAG-ISVARAN, PRESIDENT’S COUNSEL, AND APPROVED BY H.L. DE SILVA, PRESIDENT’S COUNSEL. RESEARCH INTO CASE REFERENCES AND AUTHORITIES CITED WERE DONE BY D.J.C. NILANDUWA, A. BRITO MUTUNAYAGAM, G. SENANAYAKE, R. THIRUKESWARAN, N. RATNASIVA, C. JAYASUNDERA, ATTORNEYS-AT-LAW AND FROM THE BOOKS CITED.

 Media Exposés / Counter Point Magazine  Read More »

  • ඉහත නඩුවලට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 18 සහ 19 / 1992 සහ 33 සහ 34 / 1992 දරන අභියාචනා නඩු
  • 1992.2.20 දින අභියාචනාධිකරණය විසින් 1992.1.17 සහ 1992.1.31 දිනයන්හි නියෝගයන්ට එරේහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය පතමින් පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ 18 සහ 19 / 1992 දරණ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1992.5.27 දින අභියාචනාධිකරණය විසින් 1992.1.17 සහ 1992.1.31 දිනයන්හි නියෝගයන්ට එරේහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය පතමින් පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අංක 18 සහ 19 / 1992 දරණ ඉල්ලිමට HDL සමාගම වෙනුවෙන් පෙනිසිටිමට තැත් කළ නිතිපතිට සහ පාර්ශවකරුවෙකු ලෙස පෙනි සිටි කේග එන්ග චොක්සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනිසිටිමට ඉඩ නොදෙන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැමිණිලිකරුගේ එම ඉල්ලිමට ඉඩ දෙමින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
  • 1992.7.6 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඉහත අවසරය අනුව අංක 33 සහ 34 / 1992 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇසිමටගත් අභියාචනයෙහි පැමිණිලිකරු විසින් ඉදිරිපත් කළ ලිඛිත දේශන (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
  • 1992.12.2 දින දිසා අධිකරණය විසින් ජපන් සමාගම්වලට මොනයම් හෝ ගෙවිමක් කිරිම වලක්වාලමින් නිකුත් කරන ලද අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් තහවුරු කරමින්ල වෙනත් දේ අතර එම අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නිකුත්කර ඇත්තේ මෙරටින් විදේශ විනිමය කුට ලෙස බැහැර කිරිම වලක්වාලිමට සහ පැමිණිලිකරුට මනක්කල්පිත ලෙස නොව බැලූබැල්මටම නියත වශයෙන්ම සාර්ථකව ඔප්පු කළහැකි නඩුවක් තිබෙන බව නිරික්ෂණය කරමින් අංක 33 සහ 34 / 1992 දරන අභියාචනයේ  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
  • 1992 වර්ශයේ පොදු රජ්‍ය මණ්ඩලිය නිති වාර්තාවන්හි වාණිජ නිති වාර්තාවල පල කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අංක 33 සහ 34 / 1992 දරන අභියාචනයේ ප්‍රකාශයට පත් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
  •  මාධ්‍යයේ එළිදරව් කිරීම් වැඩිදුර කියවීම »
Scroll to Top