Public Interest Litigations - Page Three

HEDGING / DERIVATIVE DEALS

 SC (FR) Application No. 535/2008

  • Motion dated 11.12.2008 & Intervening Petition dated 10.12.2008 – re ‘Hedging through Derivative Instruments’ (Terminated as Petitioner withdrew Application)  Read More »

SC (FR) Application No. 536/2008

  • Intervening Petition dated 18.12.2008 – re ‘Oil Pricing & LIOC’ (Terminated as Petitioners withdrew Application)  Read More »

SC (FR) Application No. 404/2009 (Nihal Sri Ameresekere Vs. Standard Chartered Bank, Citibank, Deutsche Bank & Others)

SC (FR) Application No. 481/2009 (Nihal Sri Ameresekere Vs. Standard Chartered Bank, Citibank, Deutsche Bank & Others)

Communications / Representations to : 

  • Letters dated 4.5.2010 and 13.8.2012 to Minister of Petroleum Industries  Read More »
  • Letters dated 24.6.2010 and 5.11.2012 to Attorney Generals – Mohan Peiris / Palitha Fernando  Read More »
  • Letter dated 12.5.2014 to Auditor General  Read More »
  • Letters dated 7.8.2014 and 1.9.2014 to Chairman, COPE & Attorney General, Palitha Fernando and reply dated 27.8.2014 and 10.9.2014 from Actg. Secretary, COPE  Read More »
  • Media Exposés  Read More »

ඔවුන්ගේම සේවාදායකයකු වන, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගොදුරු කර ගනිමින්, විදේශීය බැංකු, එනම් එක්සත් රාජධානියේ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව, එක්සත් ජනපදයේ සිටි බැංකුව, ජර්මනියේ ඩොයිස්ච් බැංකුව සහ ශ්‍රී ලංකාවේ බැංකු දෙකක්, නීති විරෝධී හා වංචනික ලෙස, රජයට විදේශ විනිමයෙන් මහා පරිමාණයක පාඩු සිදු කිරීමේ අභිප්‍රායෙන් යුතුව, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මුලික අනුග්‍රහය ඇතිව, සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර විසින් ඔහුට උපදෙස් ලබා ගැනීම සඳහා පත්කළ කමිටුවක යෝජනාවන්ට අනුකුලව, ඔහුගේ අනුමැතිය ඇතිව, රහසිගතව ඇතිකරගත්, ආරම්භයේ පටන්ම නිතියෙහීලා ශූන්‍යය සහ බල රහිත බලාත්මක කළ නොහැකි, සූදු කෙළීමක් සහ ඔට්ටු ඇල්ලීමක් වන ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වු ගනුදෙනු පිළිබදව ගිවිසුම්, සාවද්‍ය සහ/හෝ නීති විරෝධී සහ/හෝ අනෛතික සහ/හෝ වීමේ හේතුවෙන්, උපචය වුන නඩු නිමිති මත, එම ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වු ගනුදෙනු වලට එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්  ඉදිරිපත් කරන ලදී.

විදේශ විනිමය නීතිවලට පටහැනිව, ජර්මනියේ ඩොයිස්ච් බැංකුව එක්සත් ජනපද ඩොලර් මිලියන 107 ක් රටෙන් බැහැර කිරීම 2009 මැයි මාසයේ එළිදරව්වීමෙන්, ඉන් පළමුවැන්න වුන අංක SC (FR) 404/2009 දරණ පෙත්සම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාවට අනුකුලව දින 30 කට අඩු කාලසිමාවක් ඇතුලත එම මැයි මස දීම, එනම් 2009.5.25 වන දින, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුව, ඉහතකී අංක SC (FR) 404/2009 දරණ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරිමට නියමිතව තිබුණ 2009.6.2 දිනයේ, ඉහතකී නීති විරෝධී අනෛතික සහ වංචනික ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වූ ගනුදෙනු පිළිබදව විදේශිය බැංකු තුනෙන්, එක්සත් රාජධානියේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුව උද්දේශිත හිමිකම් පාමින් එක්සත් රාජධානියේ මහාධිකරණයේ නීති කෘතියක්ද, එක්සත් ජනපදයේ සිටි බැංකුව උද්දේශිත හිමිකම් පෑමක් ජාත්‍යන්තර බේරුම්කරණ පිළිබදව ලන්ඩන් අධිකරණය වෙත සහ ජර්මනියේ ඩොයිස්ච් බැංකුව උද්දේශිත හිමිකම් පෑමක් ලෝක බැංකුවේ ආයෝජන ආරවුල් බේරුම් කිරීම සදහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙතත් යොමුකර තිබුණු බව එළිදරව්වීමෙන්, විදේශීය රටවල එම නීති කෘතිය සහ ජාත්‍යන්තර බේරුම්කරණ පිළිබදව කටයුතු වලක්වාලමින් මෙරටෙහි විමර්ශනයන් පැවැත්වීමට අවස්ථාව සලසාලීමේ අභිලාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාවට අනුකුලව දින 30 ක කාලසීමාවක් ඇතුලත නිහාල් ශ්‍රී අමරසේකර විසින් එම මස තුලදීම, එනම් 2009.6.25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 481/2009 දරණ දෙවන මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන ලදී.

ඉහතකී පෙත්සම් දෙකෙහි නඩු නිමිති ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂා කොට විනිශ්චයන් කළයුතු බවට නිහාල් ශ්‍රී අමරසේකරගේ ස්ථාවරය සහ ඒ පිළිබදව තර්ක විතර්ක ඔහු විසින් ඉදිරිපත් කළ වාචික දේශනයන්හි මැනවින් සහ කාවදින අන්දමින් දක්වා සිටියේ වී නමුත්, එයට එරෙහිව ඉහතකී බැංකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉහතකී නඩු දෙක දින 30 ක කල්පැනීමකින් පසුව ගොනුකරන ලද ඒවා බවට සාවද්‍ය මුලික විරෝධතා දැක්වු අතර, ‘ඇමිකස් කියුරි’ (Amicus Curiae) / අධිකරණ සහායක වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය ප්‍රශ්න සහ කාරණා පිළිබදව සහායවීමට පෙනී සිටි, එවකට නීතිපති ජනාධිපති නීතීඥ මොහාන් පීරිස්, බැංකුවල නීතිඥයන් හා පුදුමාකාර ලෙස එක්ව එම සාවද්‍ය මුලික විරෝධතාවයන්ට එකගතාවය සහ ඔවුන්ට සහාය දක්වමින්, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ එකි වාචික ඉදිරිපත් කිරීම්වල දක්වන ලද තර්ක විතර්ක සහ ස්ථාවරයන් පිළිබදව ඔහු සෘජුවම එකගතාවය දක්වන බව පවසන ලද අතර, මෙම ගනුදෙනු වංචනික බව පිළිගනිමින්, ඒ සම්බන්ධයෙන් විදේශයන්හි පවරා ඇති නඩුව සහ ජාත්‍යාන්තර බේරුම්කරණවලදී අවධානය යොමු කොට, එම නඩු වලින් නියත ලෙසින් සහ අනිවාර්යයෙන්ම ජය ගෙන, වැය වන නීතිඥ ගාස්තු සහ වියදම් ආපසු ලබා ගැනීමට වලංගු වන විත්තිවාචක මැනවින්ම ඉදිරිපත් කිරීමට ඔහුට හැකිවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පුරසාරමකින් යුතුව සහතික වෙමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හිතාමතාම නොමග යවා, නිහාල් ශ්‍රී අමරසේකර නිහඩ කිරීමේ අරමුණින් යුතුව, මේ පිළිබදව නොසිතා හිස විවේකීව තබාගන්නා මෙන් ඔහුට පවසා, මහජන අයිතීන් වෙනුවෙන් ඔහු විසින් පමුණුවන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම්, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමර්ශනය කිරීම වලක්වාලන ලදී. මෙය පැහැදිලි ලෙසම මහජන අයිතීන්ට හිස එසවීමට ඉඩ නොදීමක් වන්නේය.

එවකට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්, ශ්‍රේෂ්ඨාධිකරණය කෙතෙක් දුරට නොමග යැව්වේදැයි පිළිබිඹු වන්නේ, 2009.1.29 වන දින මෙම ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වු ගනුදෙනු පිළිබදව වෙනත් මුලික අයිතිවාසිකම් නඩු දෙකක් මත, එම ගිවිසුම් බැලූ බැල්මටම වංචනික වන බව නිගමනය කොට තහනම් නියෝග පනවා තිබීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාර අමාත්‍යවරයා සහ එම සංස්ථාවේ සභාපති සිය තනතුරු වලින් පහකිරීමට නියෝග දී තිබී, ඉන්පසුව රජය සමග ඇතිවූ තෙල් මිල සම්බන්ධ ප්‍රශ්නකාරි තත්වයක් මත, එම නඩු දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2009.1.29 වන දින අත්හිටුවන ලදී. එම අත්හිටුවීම සිදුකළ දිනයේදී. නිහාල් ශ්‍රී අමරසේකර එම නඩුවලට මැදිහත්වීමේ අභිලාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටි බැවින්, එදින සිට දින 30 ක් ඇතුලත, එනම් 2009.2.27 දිනට පෙර නිහාල් ශ්‍රී අමරසේකරගේ ඉහතකී මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකල යුතුව තිබුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනයක් කිරීමට තුඩු දීමෙනි. එකී අවස්ථාව වන විට 2009.1.29 දින එම අත්හිටවු නඩු දෙකෙහි නිහාල් ශ්‍රී අමරසේකර මැදිහත් වු පාර්ශවයක් වී නොතිබුණි.

ඉහතකී අර්ථකතනය හාස්‍යජනක වන්නේ, නිහාල් ශ්‍රී අමරසේකරගේ පෙත්සම් දෙකෙහි විෂය කාරණයන් ඉහතකී පරිදි එළිදරව් වන ලද්දේ පිළිවෙලින් 2009 මැයි සහ 2009 ජුනි මාස වල දී පමණක් වූ බැවිනි. එම නිසා, 2009.2.27 වන දින මෙම හේතු තත්වයන් දෙකම පැන නැගී තිබුණේ නැත. ඒ අනුව 2009.2.27 දිනට පසුව හටගත් එකී හේතු තත්වයන්හි සාධක මත, 2009.2.27 දිනට පෙරාතුව එම නඩු පැවරීම අසම්මත කාරණයක් වන අතර, එය කිසිසේත්ම කළ නොහැක්කක් වුන බව ඒකාන්ත ලෙසම පැහැදිලි වන නිසා, මෙය හාස්‍ය උපදවන මිත්‍යාවකි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ N.G. අමරතුංග, S. මාර්සූෆ් සහ K. සිරිපවන් උගත් විනිසුරුතුමානන්ලා විසින්, මෙම වැදගත් යථාර්ථ කාරණා තත්වයන් කෙරෙහි අවධානයක් යොමු නොකොට නොමග යැවුනේ කෙසේදැයි යන්න, මවිතයට පත්වන සුවිශේෂි ලෙස ප්‍රශ්නයකට තුඩු දෙන්නෙකි.

ඉන්පසුව එංගලන්තයේ මහාධිකරණයේ ශ්‍රී ලංකාවේ එවකට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්ගේ උපදෙස් මත, විදේශ නිතිඥවරුන් පරාදවිමෙන්, එක්සත් රාජධානියේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුවට ඩොලර් මිලියන 165 ක උද්දේශිත හිමිකම්පැම දෛනික පොලියද සහිතව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා ගැනීමට තීන්දු කරන ලදුව, එම තීන්දුවට එරෙහිව කළ අභියාචනයෙන්ද එම තීන්දුවම තහවුරු කරන ලැබ,  මෙම නීතිඥ කණ්ඩායම අන්ත පරාජයට පත්වී මහජනයාට විශාල පාඩුවක් සිදුකළේය.

Scroll to Top