Public Interest Litigations - Page Four

මෙයට සමගාමිව, එවකට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිසගේ උපදෙස් මත, විදේශිය නිතිඥවරුන් ඉහතකී ලෝක බැංකුවේ ආයෝජන අරාවුල් බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියේ, ශ්‍රී ලංකා රජයට විරුද්ධව ජර්මනියේ ඩොයිස්ච් බැංකුවට ඩොලර් මිලියන 85 ක උද්දේශිත හිමිකම් පෑමක්, ඒ මත දෛනික පොලියද සහිතව, ලබා ගැනීමේ තීන්දුවක් ප්‍රද්‍රානය කර ගන්නා ලදී. මෙයද මහජනයාට සිදුකළ අති විශාල පාඩුවකි.

එනමුත් ලන්ඩන් ජාත්‍යන්තර ත්‍රිපුද්ගල බේරුම්කරණ අධිකරණ මඩුල්ලක් වෙත ඇමරිකා එක්සත් ජනපදයේ සිටි බැංකුව විසින් කර සිටි ඩොලර් මිලියන 195 ක උද්දේශිත හිමිකම්පැම තරයේ ප්‍රතික්ෂේප වුයේ, එම විමසීමට කෙටි කාලයකට පෙර නිහාල් ශ්‍රී අමරසේකර විසින් මෙම ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වු ගනුදෙනු හෙළා දකිමින්, පොතක් පලකොට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත් කිරිමේ හේතුවෙන් බව විදේශ රහසිගත අරංචි මාර්ග මගින් දැන ගන්නට ලැබී ඇත.

මෙයට අමතරව, මවිතයට පත් වන තවත් කාරණයක් වුයේ මෙම නඩුවලට එවකට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්ගේ සහ අනෙක් විදේශ නීතිඥවරුන්ගේ වෘත්තිමය ගාස්තු සහ වියදම් වශයෙන් රු. මිලියන 480 ක් වු තරම් අති විශාල මුදල් ප්‍රමාණයක් වුන අතර, නීතිපතිතුමාගේ සමස්ථ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වියදම සදහා 2010 වසර වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් අනුමතකර වෙන්කර තිබුණේ රු. මිලියන 399 ක් පමණක් වීමය.

එවකට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්ගේ ඉහතකි පුරසාරම් දෙඩීම හුදෙක්ම අහසේ තැනු මාලිගාවන් පෘතුවියට සමතලාවී, සුරංගනා කථාවක් බවට පත්වීමෙන්, ඉතාමත්ම  ඛේදජනක ලෙස, අතිවිශාල මහජන මුදල් සම්භාරයක් වැය කොට, රජයට සහ මහජනයාට විදේශ විනිමයෙන් අති විශාල පාඩුවක් සිදු කරමින්, එම ‘හෙජින්’ යන නාමයෙන් හුවා දැක්වු ගනුදෙනු පිළිබදව විදේශයන්හි විමර්ශනය කිරීමට සලස්වමින්, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ මෙම නඩු දෙක ඉදිරියට ගෙනයෑම නවත්වා දැමීමට තරයේ උත්සාහ දරා, මහජන මුදල් අරක්ෂා කිරීමේ නිහාල් ශ්‍රී අමරසේකරගේ දැඩි ප්‍රයත්නය වලක්වන ලදි. මෙය ඉතාමත් ඛේදජනක මහජන මුදල් වංචා කිරීමේ පාපකර්මයකි.

මෙම තත්වයන් මත, ඉහතකී කාරණයන් සවිස්තරව අඩංගු ලිපියක් 2010.6.24 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් වෙත යොමුකර, මෙම නඩු වලින් පරාජයට පත් වුවහොත්, එයට දැඩි ලෙස වගකිවයුතු වන්නේ ඔහු වන බව ලිඛිතව දැනුම් දෙන ලදී. මෙම මහජන මුදල් වංචා කිරිමට හවුල් වුන කිසිම කෙනෙකුට එරෙහිව නීතිමය පියවරක් නොගත් අතර, එම නිලධාරින්ට මහජන මුදල් පරිහරණය කරනු ලබන මූල්‍ය ආයතන වල උසස් තනතුරු වල නිදැල්ලේ වැජඹීමට ඉඩ හැරීම ප්‍රශ්නයකට තුඩුදෙන අයුරින් අදහා ගත නොහැකි තරමේ ඛේදවාචකයකි. මෙය නීතියේ ආධිපත්‍යයට පයින් ගැසීමක් නොවන්නේද ?

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 535/2009 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම

  • ව්‍යුත්පන්න සාධන පත්‍ර හරහා හෙජින්’ 2008.12.10 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ මැදිහත්විමේ පෙත්සම (පෙත්සම්කරු අයදුම්පත ඉවත්කර ගන්නා ලදි) වැඩිදුර කියවීම »

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 536/2009 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම

  • තෙල් මිල සහ LIOC’ 2008.12.18 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ මැදිහත්විමේ පෙත්සම (පෙත්සම්කරු අයදුම්පත ඉවත්කර ගන්නා ලදි) වැඩිදුර කියවීම »

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 404/2009 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 481/2009 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම

සන්නිවේදන / නියෝජනයන :

  • 2010.05.04 සහ 2012.08.13 දිනැති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උද්දේශිත හෙජින් ගිවිසුම් පිළිබදව සුසිල් ප්‍රෙමජයන්ත මන්ත්‍රීතුමා වෙත යවන ලද ලපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »   
  • 2010.06.24 සහ 2012.11.5 දිනැති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උද්දේශිත හෙජින් ගිවිසුම් පිළිබදව මොහාන් පිරිස් සහ පාලිත ප්‍රනාන්දු නිතිපතින් වෙත නිහාල් ශ්‍රී අමරසේකර විසින් යවන ලද ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2014.05.12 දින ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උද්දේශිත හෙජින් ගිවිසුම් පිළිබදව විගණකාධිපති වෙත යවන ලද ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2014.08.7 සහ 2014.09.1 දිනැති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උද්දේශිත හෙජින් ගිවිසුම් පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොප් වාර්තාවේ පළවුනු ගිණුම් සම්බන්ධයෙන් කොප් කොම්සමේ සභාපතිට සහ පාලිත ප්‍රනාන්දු නිතිපති වෙත නිහාල් ශ්‍රී අමරසේකර විසින් යවන ලද ලිපි සහ 2014.08.27 සහ 2014.09.10 දින කොප් කොම්සමේ වැඩ බලන ලේකම්තුමා විසින් නිහාල් ශ්‍රී අමරසේකර වෙත එවන ලද පිලිතුරු ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • මාධ්‍යයේ එළිදරව් කිරීම් වැඩිදුර කියවීම »

THIS PUBLIC INTEREST ACTION CONCERNING THE FRAUDULENT ACTS AND CHALLENGING THE PRIVATIZATION OF SRI LANKA INSURANCE CORPORATION LTD. WAS CAUSED TO BE INSTITUTED BY NIHAL SRI AMERESEKERE, IN THE NAME OF VASUDEVA NANAYAKKARA, THEN ADVISOR TO H.E. THE PRESIDENT MAHINDA RAJAPAKSA, WITH ALL DOCUMENTATIONS, BOTH BY VASUDEVA NANANYAKKARA, AS PETITIONER, AND NIHAL SRI AMERESEKERE, AS THE 13TH RESPONDENT TO SUPPORT VASUDEVA NANANYAKKARA, HAD BEEN FORMULATED AND PREPARED BY CONSULTANTS 21 LTD., ON THE ADVICE AND GUIDANCE OF LAWYERS, WITH NIHAL SRI AMERESEKERE APPEARING IN PERSON IN THE SUPREME COURT ON HIS OWN BEHALF, AND MAKING EXTENSIVE ORAL AND WRITTEN SUBMISSIONS, TO HAVE SUCCESSFULLY OBTAINED THIS JUDGMENT.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලිකරණය කිරිමේදී, සිදු වු වංචනික ක්‍රියා සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නිහාල් ශ්‍රී අමරසේකර විසින්, එම පුද්ගලීකරණය අභියෝගයකට ලක් කිරිම සදහා ගත් දැඩි උත්සහයෙන්, ඔහු විසින් අතිගරු ජනාධිපතිතුමාගේ එවකට උපදේශකයකු වු වාසුදේව නානයක්කාර මගින්, ඔහුව පෙත්සමිකරු ලෙස නම්කර, ඔහුට සහයෝගය දිම පිණිස, නිහාල් ශ්‍රී අමරසේකර 13 වැනි විත්තිකරු ලෙස නම්කර, නිතිඥවරුන්ගේ උපදෙස් සහ මාර්ගෝපදේශ මත, කන්සල්ටන්ස් 21 ලිමිටඩ් සමාගම මගින් සියලූ ලියවිලි සකස් කොට සුදානම් කර, නිහාල් ශ්‍රී අමරසේකර විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලිකව ඔහු වෙනුවෙන් පෙනි සිට, පුඵල් වාචික හා ලිඛ්ත දේශණ ඉදිරිපත් කොට, මෙම විනිශ්චය ලාබා ගැනිමට සමත් විය.

SRI LANKA INSURANCE CORPORATION LTD. PRIVATISATION – Supreme Court (Fundamental Rights) Application No. 158/2007

Communications / Representations to :

  • Letter dated 23.1.2007 with PERC Letter to Ernst & Young dated 17.11.2004 to COPE Chairman, on the SLIC Privatisation  Read More »
  • Letter dated 6.10.2006 to COPE Chairman, with Letter dated 5.10.2006 to Institute of Chartered Accountants of Sri Lanka on SLIC Privatisation Read More »
  • Letter dated 31.7.2006 to Central Bank of Sri Lanka Read More »
  • Letters dated 24.11.2009 and 23.11.2009 to Auditor General Read More »
  • Letters dated 22.2.2010 and 18.2.2010 to Institute of Chartered Accountant of Sri Lanka and replies Read More »
  • Letter dated 3.1.2012 to SLIC Chairman Read More »
  • Media Exposés Read More »
Scroll to Top